වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කළ දෙවැනි ප්‍රහාරය අවලංගුයි - වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘතයි
දෙපාර්ශ්වය අතර සබඳතා ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දෙමින්, වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කළ දෙවැනි ප්‍රහාරය අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඊයේ දිනයේ අමෙරිකානු තෙල් සමාගම්වල නියෝජිතයින් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, වර්තමානයේ වෙනිසියුලාව ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත වී ඇති බවය.
අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වෙනිසියුලාව එකඟ වී සිටින බැවින්, එරටට එරෙහිව තවදුරටත් හමුදා ප්‍රහාරයක් එල්ල නොකරන බවද ඔහු අවධාරණය කර ඇත.
තම “Truth Social” සමාජ මාධ්‍ය ගිණුම හරහාද සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, සාමය ළඟා කරගැනීමේ වැදගත් පියවරක් ලෙස වෙනිසියුලාව විසින් දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කරමින් සිටින බවයි.
එය අතිශය යහපත් සහ වැදගත් සංඥාවක් බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, වෙනිසියුලාවට එරෙහිව අමතර හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට අදාල යෝජනාවක් පෙරේදා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කළ පසුබිමකය.
එසේම, මහා පරිමාණ අමෙරිකානු තෙල් සමාගම් විසින් වෙනිසියුලාව තුළ ඩොලර් බිලියන 100කට ආසන්න ආයෝජන සිදුකිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇති අතර, ඒ සමඟම අමෙරිකානු නෞකා එම කලාපයේ තවදුරටත් ස්ථානගත කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.