කෝපි කොප්පයටත් තට්ටු වුනු ට්‍රම්ප්ගේ බදු

Report

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති හේතුවෙන් අමෙරිකාවේ වෙළඳසැල්වල කෝපි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් 05 වැනිදා සිට කෝපි ආනයනය කරන රටවලට පනවා ඇති තීරු බදු මෙම තත්ත්වයට හේතුවී ඇත. අමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 100ක පමණ මුදලක් කෝපි ආනයනය සඳහා වියදම් කරයි.

රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න සුබ ආරංචියක්

රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න සුබ ආරංචියක්

එහි වැඩි ප්‍රමාණයක් බ්‍රසීලයෙන් සහ කොලොම්බියාවෙන් ආනයනය කෙරේ. 2020 වසරට සාපේක්ෂව, දැනට අමෙරිකානු වෙළඳපොළේ කෝපි මිල ඩොලර් 3කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රටවල් ගණනාවකට පනවා තිබූ තීරු බදු තාවකාලිකව අත්හිටුවා ඇතත්, මේ වන විටත් අමෙරිකානු වෙළඳපොළේ සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව අමෙරිකානු මාධ්‍ය හෙළිදරව් කර ඇත.  

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!