අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිමල් පත් යුස මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8.57 සිට පසුදා එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි ඉරිදා අපර භාග 8.57ට පළමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටසේ එනම් අප්‍රේල් 14 වැනි සදුදා පූර්ව භාග 3.21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිස, වැඩ අල්ලා, ගනුදෙනු කිරීම ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටුකර ගැනීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 4.04ට තම වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයන් ද කිරි සහ විලඳ පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 6.44ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාහරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 9.04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාහරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඔ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඔ යුස මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9.03ට රන්වන් පාට වස්ත්‍රාහරණයෙන් සැරසී කිරිබත් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින පූර්ව භාග 10.16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා පැළ සිටුවීම මැනවි.
