වසර හයකට පසු උදාවන දවස අදයි - දැඩි ආරක්‍ෂාවක් මැද ට්‍රම්ප් පුටින් හමුවේ

Report

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද (15) ඇලස්කාවේදී පැවැත්වෙයි.

ඇලස්කාව යනු ඇමෙරිකාවට අයත් විශාලතම ජනපදයයි. සාකච්ඡා පැවැත්වෙන්නේ ඇලෙස්කාවේ ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය.

මෙම හමුදා කඳවුර ඇමෙරිකාවට අයත් එකකි. ට්‍රම්ප් සහ පුටින්ගේ හමුව වෙනුවෙන් කඳවුරට විශේෂ ආරක්ෂාවක් ද ලබා දී ඇත.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

ඒ අනුව හමුව අද (15) ඇලස්කාවේ දී පැවැත්වීමට තීරණය කෙරුණි. අද දින පැවැත්වෙන සාකච්ඡාවලින් පසුවත්, පුටින් යුක්රේනය සමඟ සටන් විරාමයකට නොගොස්, දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, පුටින්ට කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ට්‍රම්ප් මේ බව කියා සිටියේ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවෙමිනි.

ට්‍රම්ප් පවසා ඇත්තේ අද (15) ඇලෙස්කාවේ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත්, තමන් මැදිහත් වී, සෙලෙන්ස්කි සහ පුටින් දෙදෙනා මුහුණට මුහුණ මුණ ගස්වමින් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දෙන බවය.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී