මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

Report

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය. ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පති සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා පෞඩත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ දායකත්වයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.