ත්‍රිකුණාමල වෙරළට මියගිය කකුළුවන් ගොඩ ගසයි
අයහපත් කාලගුණයත් සමඟ සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු ත්‍රිකුණාමල ඇතුළු වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් මේ දිනවල ගොඩ ගසා ඇත.
ඒ අනුව රතු පාටට හුරු මෙම කකුළු විශේෂය ඊයේ මෙන්ම අද (31) දිනත් මෙලෙස වෙරළට ගොඩ ගසා ඇති ආකාරය පෙනෙන්නට ඇත.
මේ තත්වය නිසා බලධාරීන් කටයුතු කර ඇත්තේ ඒ අවට අධික දුර්ගන්ධයක් පැතිර යන අතර නගර සභා හා ප්‍රාදේශීය සභා කම්කරුවන් යොදා මියගිය කකුළුවන් වෙරළේ වලවල් කපා වළ දැමීමටයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ මහතා පැවසුවේ සීත හා උෂ්ණ දියවැල් වල බලපෑම නිසා මෙම කකුළු විශේෂය මියගොස් ගොඩ ගැසීම ඇතිවීය හැකි ස්වභාවික තත්ත්වයක් වන බව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කළේ පසුගිය වසරේදිත් මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මෙම කකුළු විශේෂය මිනිස් පරිභෝජනයට නුසුදුසු ධීවරයන්ගේ දැල්වලට හානි කරන බවයි.
ඒ වගේම තව දුරටත් අදහස් දැක් වූ අධ්‍යක්ෂවරයා සදහන් කළේ මෙම තත්ත්වය එතරම් බිය වියයුතු තත්ත්වයක් නොවන බවත් එය ස්වභාවික තත්ත්වයක් වන බවයි.