නුගේගොඩ රැළියෙන් සජබ ලිස්සුනොත් ඉවරටම ඉවරයි - පොහොට්ටුව අනතුරු අඟවයි

Report

ජාතික ජන බලවේගයේ දූෂණ, වැරදි කළමනාකරණය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නොවැම්බර් 21 නුගේගොඩදී පැවැත්වෙන ආණ්ඩු විරෝධී රැළියට සමගි ජන බලවේගය සහභාගී නොවුණහොත් එය පක්ෂයටම බරපතල දේශපාලන පසුබෑමක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනතුරු අඟවයි.

මෙම රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාප, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සහය දක්වයි.

අපරාධ කටයුතුවලට සම්බන්ධ දේශපාලනඥයන් හෙළි කරද්දී මාලිමා ආණ්ඩුව යටින් ගේමක.. හෝදන අත, රජයේ අතක්ද?

අපරාධ කටයුතුවලට සම්බන්ධ දේශපාලනඥයන් හෙළි කරද්දී මාලිමා ආණ්ඩුව යටින් ගේමක.. හෝදන අත, රජයේ අතක්ද?

කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන ජාතික ජන බලවේගය රැළියෙන් ඈත්ව සිටීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

මේ පිළිබඳව පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න පවසයි;

“සමගි ජන බලවේගයට රැළියට සහභාගී වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය තිබෙනවා. අපි ඒකට ගරු කරනවා. නමුත් ප්‍රධාන විපක්ෂයක් ලෙස ඔවුන්ගේ වගකීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. නුගේගොඩ රැළියට සහභාගී වෙන බව අපි බලාපොරොත්තු වෙනවා. තවම කාලය තිබෙනවා. සජබ සහභාගී නොවුණොත් එය පක්ෂයටම ලොකු අවාසියක් වෙයි.”

රනිල් ඉතිරි කළ සල්ලි පැටව් ගහන්නේ නැහැ - ආණ්ඩුවට රිදන්නම වජිර අමතයි

රනිල් ඉතිරි කළ සල්ලි පැටව් ගහන්නේ නැහැ - ආණ්ඩුවට රිදන්නම වජිර අමතයි

වැඩමුළුවක් අස්සේ කෙල්ලෝ ගොඩකගේ ප්‍රශ්න වැලක පැටලුණු නාමල් - දැන් ඉතින් දීපල්ලකෝ උත්තර

වැඩමුළුවක් අස්සේ කෙල්ලෝ ගොඩකගේ ප්‍රශ්න වැලක පැටලුණු නාමල් - දැන් ඉතින් දීපල්ලකෝ උත්තර