exද පියුමිව මාට්ටු කළේ? පියුමිගේ දෙකයි පනහේ ජාවාරම

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Gossip Today Piumi Hansamali
By Akash Mar 20, 2025 12:41 PM GMT
Akash

Akash

Report

පියුමි හංසමාලි ගැන අද දවසේ වාර්තා වුන පුවත මේ වෙද්දී කවුරුත් දන්නා කාරණයක් නේ. ඉතින් ඔන්න දැන් පියුමි හංසමාලිගේ ව්‍යාපාරයේ හොර රහස සම්පුර්ණයෙන්ම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හොයාගෙන තියෙනවා.

නමුත් ඔන්න දැන් අපට ලැබුන අලුත්ම ආරංචියක් තියෙනවා. ඉතින් ඒ තොරතුරු කොච්චර දුරට ඇත්තද කියල නම් කියන්න තේරෙන්නේ නැහැ. එත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නම් කියන්නේ පියුමි හංසමාලි බාල ක්‍රීම් වර්ග තුට්ටු දෙකට අරන් ලොකු ලාබයක් තියන් මිනිසුන්ව රවට්ටලා විකුණලා සුඛෝපබෝගී ජිවිතයක් ගත කර ඇති බවයි.

සමාජ ශාලාවක් ගිණියම් කළ පාතාල ගැටුම - හයක් රෝහලේ

සමාජ ශාලාවක් ගිණියම් කළ පාතාල ගැටුම - හයක් රෝහලේ

එත් ඇයට ආදරේ කරන රාසිකයන් සහ පාරිභෝගිකයන් කවදාවත් හිතුවේ නැතුව ඇති පියුමි හංසමාලි මේ වගේ කැත දෙකයි පනහේ වැඩක් කරයි කියලා නේද?

පියුමි හංසමාලි නම් එදා මාධ්‍යට උජාරුවට කිව්වේ නම් තමන් සුදු වෙන්න ක්‍රීම් හදන උපාධියක් වියට්නාමයේ ගිහින් ලබාගෙන ඇති බවයි. ඔන්න දැන් පියුමි හංසමාලිගෙන් පෙරලා අහන්න තියෙන වියට්නාමයෙන් ගත්ත උපාධියෙන් කියල දුන්නේ පිටකොටුවෙන් තුට්ටු දෙකට බාල ක්‍රීම් අරගෙන මිනිසුන්ව ගොනාට අන්දලා හම්බ කරපන් කියල ද?

අපේ මිනිස්සුත් ඕනෑම කුනකට අහු වෙනවා පොඩ්ඩක් පොත්ත සුදු උනාම..

ඒක ඉතින් පියුමිගේ වරදක් කියා කියන්නත් බැහැ.... තුට්ටු දෙකේ බාල බඩුවක් සුපිරි භාණ්ඩයක් කියලා පාරිභෝගිකයව ගොනාට අන්දලා ලොකු ගානට විකුණන එකත් එක්තරා දක්ෂතාවයක්...

කොළඹ නගරයේ රහස් CIA කඳවුරක්!

කොළඹ නගරයේ රහස් CIA කඳවුරක්!

හරි... හරි... ඔන්න දැන් කියන්න ආව අලුත් ආරංචිය කියන්න බැරුව ගියා නේ. ඊට කලින් අද සිද්ධිය පොඩ්ඩක් මතක් කර ගන්න කෝ.

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.

ඇය ගැන පසුගිය දවස්වල ගොඩක් කතා මැවුණා.. ඉතාමත් සුවපහසු ජීවිතයක් ගත කරන ඇයට මේ තරම් මුදල් හිමි වෙන්නේ කොහෙන්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා…

පාසල් පාවහන් වවුචරය ගැන විශේෂ දැනුම්දීමක්

පාසල් පාවහන් වවුචරය ගැන විශේෂ දැනුම්දීමක්

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

අදාළ ආයතන දෙකෙහි සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇති අතර, මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේප වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිකරගෙන තිබෙනවා..

ඇය විසින් WhatsApp හා Instagram ගිණුම් හරහා එම ක්‍රීම්වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති බවය විමර්ශනවලදී අනාවරණ වී ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.

එමෙන්ම කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගෙන තිබුණා.

කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඉතා කෙටි කලක් තුළ නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවත්, මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය විසින් නිති විරෝධී ක්‍රියාවන් සිදුකරන මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ මගෙන් රටට සංවිධානය විසින් පසුගියදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරෙනවා.

හරි ඔන්න ඔහොම තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් අලුත් කතාව මෙන්න මේකයි... මෙච්චර කාලයක් පියුමි හංසමාලි ජාවාරම සරුවට කරගෙන ගියා අහු වෙන්නේ නැතුව. පෙම්වතා කියන පුද්ගලයා එක්ක එකතු වෙලා නේ කරගෙන ගියේ. කාලයක් තිස්සේ පරීක්ෂණ කරන නිලධාරීන්ට මෙයාගේ ව්‍යාපාරයේ සුලමුල හොයා ගන්න බැරි වුනා. දැන් එක පාරටම මේක ලීක් වෙලා තියෙන්නේ අර පහුගිය දවස්වල දෙදරා ගිය පියුමි හංසමාලිගේ කඩවසම් පෙම්වතාගෙන් කියල තමයි ගොඩක් අය කියන්නේ.

එහෙම වෙන්න බැරි කමකුත් නැහැ.

එකට ඉන්න කොට කිරි පැණි වගේ උන්නට විරසක උනාට පස්සේ ඒ පොර ගැන පියුමි හංසමාලි නොකියපු කුණ කතාවක් නැහැ. ඉතින් එකේ රිටන් එක ලැබිලා කියල තමයි ඔන්න කට්ටිය කියන්නේ.

නැතිනම් මෙච්චර කල් සරුවට ගිය වැඩේ එක පාරට මාට්ටු වුනේ කොහොමද ?    



ReeCha