සමාජ ශාලාවක් ගිණියම් කළ පාතාල ගැටුම - හයක් රෝහලේ

Report

පාතාලයට සම්බන්ධ බවට සක කෙරෙන කණ්ඩායම් දෙකක පුද්ගලයන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.

අවිස්සාවේල්ල නගරයේ පිහිටි සමාජ ශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් හය දෙනෙකු කුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ හතර දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

එලෙස කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හතර දෙනාගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය සඳහන් කර සිටියා. අදාළ සමාජ ශාලා පරිශ්‍රය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා සමාජ ශාලාවේ සිටි පිරිසට පිටතින් පැමිණි වෙනත් පිරිසක් පහරදීමක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

කොට හැර පොඩ්ඩා ” නමින් හඳුන්වන පාතාල කල්ලිය හා සම්බන්ධ පුද්ගලයකු ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුර අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

මොවුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් ඇති බවත් ඉදිරි ක්‍රියා මාර්ග පොලිසිය විසින් සිදුකරමින් සිටින බවත් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් කියා සිටියා.

තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 23, 28, 29, 32, 33, 38 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් රත්නපුර කුරුවිට මානියංගම අවිස්සාවේල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වනවා.

කොළඹ නගරයේ රහස් CIA කඳවුරක්!

කොළඹ නගරයේ රහස් CIA කඳවුරක්!

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද සඳහන්.