කොළඹ නගරයේ රහස් CIA කඳවුරක්!

Report

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ මෙන්ම ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනය සම්බන්ධ රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, එය සිදු වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය.

රුසියානු RT රූපවාහිනිය මෙම ලිපිගොනුවල තොරතුරු උපුටා දක්වමින් X පණිවුඩයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල රහසිගත CIA කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි.

හෙළ සිනමාවේ නිළි රැජිණ ගැන දැන් ඇහෙන කතා මෙන්න!

හෙළ සිනමාවේ නිළි රැජිණ ගැන දැන් ඇහෙන කතා මෙන්න!

විදෙස් මාධ්‍ය එය උපුටා දක්වමින් පවසන්නේ, අමෙරිකාව විවිධ රටවල CIA රහස් කඳවුරු හෝ බ්ලැක් සයිට්ස් නමින් හඳුන්වන ස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම ලිපිගොනුවලට අනුව, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ නවදිල්ලි සහ කොල්කටා නගරවලත්, පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේත්, ජපානයේ ටෝකියෝ නගරයේත් CIA කාර්යාල හෝ කඳවුරු පැවති බව සඳහන් වේ.

කිරි තේ එකක නව මිල මෙන්න

කිරි තේ එකක නව මිල මෙන්න

කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ ලේඛනවල මෙම තොරතුරු අඩංගු බව වාර්තා වේ.