ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
යාවත්කාලීන සංචාරක උපදෙස්වලට අනුව, ශ්‍රී ලංකාවට ගමන් කරන ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ මට්ටමේ ප්‍රවේශම් විය යුතු බව රජය අවධාරණය කරයි.
මෙම උපදෙස් ශ්‍රී ලංකාව සඳහා සමාලෝචනය කර ඇති බවත්, සංචාරකයින් වැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු රජය පවසයි.