තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය
By Shehan
මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.
පොලීසිය පවසන පරිදි, ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25ත් 30ත් අතර තරුණයින් දෙදෙනෙකි.
මෙම වෙඩිතැබීම අද (25) උදෑසන සිදුවී ඇත. මේ වනවිට මිද්දෙණිය පොලීසිය සමඟ එක්ව විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇත. වෙඩිතැබීමේ හේතුව හෝ එය සිදුකළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.