වහාම, පොලීසියේ ඉහළ තනතුරු 4ක් ගැන තීරණයක් මෙන්න..

Report

පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ය.

වහාම, ඉන්ධන මිල ගැන IOC සහ සිනෝපෙක් සමාගමත් තීරණයක් ගනී..

වහාම, ඉන්ධන මිල ගැන IOC සහ සිනෝපෙක් සමාගමත් තීරණයක් ගනී..

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

ඒ අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න සබරගමුව පළාතට ස්ථාන මාරු කර තිබෙනවා.

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධර්මරත්න බස්නාහිර පළාත භාරව ස්ථාන මාරු කර ඇත.

එමෙන්ම, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. පද්මිණි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට ස්ථාන මාරු කර තිබෙනවා.

You May Like This Video👇