දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමේ සටන තවත් උණුසුම් වෙයි- සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වාම
By Kanchana
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතව සිටියද, අද දිනයේ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවයි.
''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය