දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Jun 30, 2024 02:36 AM GMT
Aruna

Aruna

Report

පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ, බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ගලබඩ හා ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

අලුයම 1.15ට පමණ දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‌ළේ, ඒ හේතුවෙන් කෙටිදුර දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බවයි.

ඉන්දීය ප්‍රේක්ෂකයින් හඬවමින් විරාට් කෝලී ඊයෙ රෑ ගත් තීරණය මෙන්න..හෙළි නොකළ රහසක් කියයි..

ඉන්දීය ප්‍රේක්ෂකයින් හඬවමින් විරාට් කෝලී ඊයෙ රෑ ගත් තීරණය මෙන්න..හෙළි නොකළ රහසක් කියයි..