ජවිපෙ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ

Report

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට දැඩි ආරක්ෂාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) ප්‍රධාන කාර්යාලය වෙත මේ වන විට ඉහළ ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ. මෙම ආරක්ෂක විධිවිධාන ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇත.

කාර්යාලය අවට ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් යෙදවීමෙන්, ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළුවන සහ පිටවන සියලුම මාර්ගවල දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

මෙම ආරක්ෂක විධිවිධානවල පරමාර්ථය අද (26) රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබුණු වාතාවරණයට අනුව මෙමෙ ආරක්ෂා තර කර බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය යටතේ, කාර්යාලය අවට ගමන් ගන්නා පුද්ගලයින්ගේ සහ වාහනවල චලනය දැඩි අධීක්ෂණයකට ලක්ව ඇති අතර, ආරක්ෂක පරීක්ෂාවන් ද ඉහළ මට්ටමකින් සිදු කෙරේ. 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

හෙට වැඩ වර්ජනය ස්ථීරයි - රෝහල්වලට ඇවිත් රස්තුයාදු වෙන්න එපා

හෙට වැඩ වර්ජනය ස්ථීරයි - රෝහල්වලට ඇවිත් රස්තුයාදු වෙන්න එපා