හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26දා) දින බොහෝදුරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළහොත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවයි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපතිවරයා, අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර, වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

ඒ අනුව, මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය.

කෙසේ වුවත්, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මඟින් ඔහුගේ තත්ත්වය අධීක්ෂණය කරනු ලබන අතර, අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳව එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා විය.

ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්

ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර