ඉන්දීය ප්‍රේක්ෂකයින් හඬවමින් විරාට් කෝලී ඊයෙ රෑ ගත් තීරණය මෙන්න..හෙළි නොකළ රහසක් කියයි..

Virat Kohli Cricket Indian Cricket Team 2024 T20 World Cup Cricket Tournament ICC Men
By Aruna Jun 30, 2024 12:50 AM GMT
Aruna

Aruna

Report

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බවයි,ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කෝලි පවසා සිටියේ.

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..


"මේ මගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය. අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි. මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි20 තරගය.

මේක ප්‍රසිද්ධ රහසක්. අපි පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ. ඊළඟ පරම්පරාවට ඉන්දීය විස්සයි20 කණ්ඩායම නියෝජනය කිරීමට මේ තමයි කාලය.

ICC තරගාවලියක් ජයග්‍රහණය කරන තෙක් අපි බොහෝ කාලයක් බලා සිටියා" යනුවෙන් පැවසුවා.

ඉන්දීය කණ්ඩායමට මෙම ලෝක කුසලානය දිනාදීමටද වැඩි දායකත්වයක් දුන් කෝලි, අගනා අර්ධ ශතකයක්ද රැස්කිරීමට සමත් වුණේ ප්‍රේක්ෂකයින්ට මහගු අස්වැසිල්ලක් ගෙන දෙමින්.

ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. වත්මන් විස්සයි20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර කෝලි දෙවැනි වන්නේ ඉන්දියාවේම රෝහිත් ශර්මාට (ලකුණු 4231) වීම ද විශේෂත්වයක්.

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මේ වනවිට 35වැනි විය ගෙවා දමමින් සිටින කෝලි 2010 වසරේදී ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ලොව ප්‍රබලතම ක්‍රීඩකයෙක්.

ඔහු මේ වනවිට ඉනිම් 117කට ක්‍රීඩාකර ලකුණු 4188ක් රැස්කරගෙන සිටින අතර, කෝලිගේ දක්ෂතා අතර ශතකයක් හා අර්ධ ශතක 38ක් වනවා.