රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් උදෙන්ම අස්ගිරි මහානාහිමි බැහැදකී
එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ මහා ලේකම් තලතා අතුකෝරල මහත්මිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය, රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර ඇත.