ජාතික ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩා, මේස පන්දු සහ ජිම්නාස්ටික් ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනයට අනුව, අගෝස්තු 25 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.
මෙම තීරණය යටතේ, එම ජාතික සංගම් තුනේම පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බලය යටතට පත් කර තිබේ.
මෙම ක්‍රියාමාර්ගය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්තිවලට අනුකූලව ගනු ලැබූ බව ගැසට් නිවේදනයේ දැක්වේ.
අදාළ ගැසට් නිවේදනයේ සම්පූර්ණ විස්තර මෙතැනින්
