අල, ලූනුවලට යන කලදසාව ගැන තීරණේ අද

Report

ආනයනික අර්තාපල්, රතු ලූනු සහ ලොකු ලූනු සඳහා බදු අය කරන ලෙසට දේශීය ගොවීන් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතා කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද වාර්තාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

ආනයනික මෙම ද්‍රව්‍ය වෙනුවෙන් බදු අය කර ගන්නා මෙන් රජයෙන් ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටි‍යා.

ඒ අනුව මෙම ද්‍රව්‍යවල ආනයනික බදු සංශෝධන සිදු වේ නම් ඵය හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම දැනටමත් ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ද, රතු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් පනහක්ද, ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් දහයක්ද වශයෙන් බදු මුදලක් අය කරන බවද සඳහන් වේ.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ප්‍රභල භූකම්පනයක්

ප්‍රභල භූකම්පනයක්