පියාගේ ත්‍රීරෝද රථයට යටවී දරුවා ජීවිතක්ෂයට

Sri Lanka Police Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 03, 2025 01:43 PM GMT
Ashfa

Ashfa

Report

මාතලේ-රත්තොට මාර්ගයේ මංදණ්ඩාවල ප්‍රදේශයේදී පසුගිය 29 වනදා සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකහමාරක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව මාතලේ පොලීසිය සඳහන් කරයි.

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

අනතුර සිදුවී ඇත්තේ, දරුවාගේ පියා පදවාගෙන ගිය ත්‍රිරෝද රථය පාලනයෙන් ඉවතට ගොස් පෙරළීමක්වීම නිසාය.

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

එහිදී, පසුපස අසුනේ ගමන් කරමින් සිටි දරුවා සහ ඔහුගේ මිත්තණිය (පියාගේ මව) ද ත්‍රිරෝද රථයේ සිටියහ.

රත්තොට සිට උකුවෙල බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවුණු අතර, අනතුරෙන් පසු තිදෙනාම මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්විය. දරුවාගේ මිත්තණිය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුළු තුවාල ලබා සිටි පියා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය කියා සිටී.

මියගිය දරුවා මාතලේ, උකුවෙල, වරකන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ReeCha