තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය
හම්බන්තොට, සිනුක්කුගල ප්‍රදේශයේදී සිදුවූ වන අලි ප්‍රහාරයකින් 7 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඇගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මියගොස් ඇත්තේ දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ලබන දැරියක් වන අතර, අද (අගෝස්තු 03) උදෑසන 6.00ට පමණ වගා බිමක් වෙත පැමිණි අවස්ථාවේදී මෙම සුදුවීම සිදුවී තිබේ.
පාසල් නිවාඩුවක් නිසා තම පියා සමඟ වගා කටයුතු සඳහා ගිය දියණියට, හේනට පැමිණි වන අලියෙකු විසින් අයෙකුට පසු අයෙකු ලෙස පහර දී ඇතැයි වාර්තා වෙයි.
බරපතළ තුවාල ලබා සිටින පියා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.