ආයේ වත්කම් බැරකම් හංගන්න බෑ හැංගුවොත් නඩු

Report

2025 වසර සඳහා භාරදිය යුතු වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම අසාර්ථක වන නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

එහි සඳහන් වන්නේ, 2025 මාර්තු 31 වැනි දිනට අදාලව වත්කම් සහ බැරකම් ප්‍රකාශ සකස් කර ඒවා 2025 ජුනි 30 වැනිදාට පෙර තම ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු බවයි.

ඉතිහාසයේ නොදුටු ලෙස ගාසාහි දරුවන් සාගතයෙන් මිය යයි

ඉතිහාසයේ නොදුටු ලෙස ගාසාහි දරුවන් සාගතයෙන් මිය යයි

කෙසේ වෙතත්, ජුලි 31 වන විටද මෙම ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් පවතින අතර, ඔවුන්ට 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තියට අනුව නඩු පැවරීමට කටයුතු කෙරෙනු ඇතැයි සභාව පවසයි.

2025 ජුනි 30 සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ භාරදෙන ප්‍රමාද වූ ප්‍රකාශ සඳහා නියමිත පනත් විධිවිධාන මත දඩ මුදලක් අය කිරීම සිදු කරන බවද එම නිවේදනයේ දැක්වේ.

ජනප්‍රිය දෙමළ නළු මධන් බොබ් ජීවිතක්ෂයට

ජනප්‍රිය දෙමළ නළු මධන් බොබ් ජීවිතක්ෂයට

ඒ අනුව, තවමත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් තම ආයතන ප්‍රධානියා වෙත එම ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම්, නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට හැකි බව ද සභාව සඳහන් කරයි.

එමෙන්ම, ජුනි 30 වනදාට පසුව භාරදෙන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා විසින් අනිවාර්යයෙන් භාර ගත යුතු අතර, යම් හෙයකින් ආයතන ප්‍රධානියා එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කළ යුතු බව ද නිවේදනය තුළ අවධාරණය කෙරේ.

GalleryGallery