ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් කළ පනත් කෙටුම්පතට කිසිඳු බයකින් තොරව සිටින බවත්, තමන්ට එය බියක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“ප්‍රභාකරන්ටවත් බය වෙච්ච නැති මහින්ද රාජපක්ෂ අනුර කුමාරට බයවෙයි කියලා හිතනවද?
එහෙම ප්‍රභාකරන්ට බය වෙච්ච නැති මහින්ද රාජපක්ෂ මේ තඹුත්තේගම මහත්තයට බය වෙයි කියලා හිතනවද?
කවදාවත් නෑ. ලබන ආත්මෙවත් නෑ. ප්‍රභාකරන්ගේ යුධ ශක්තියට බය වෙච්ච නැති මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ කඩදාසිවලට බය වෙන්න? ඒවට බය කරන්න වෙන ක්‍රමයක් හියාගන්න කියන්න.
මහින්ද රාජපක්ෂව බය කරන්න වෙන විදිහක් හොයාගන්න වෙයි…”