බෝම්බ එක්ක සෙල්ලම් කිරීමෙන් ළමුන් 5ක් මිය යයි
By Shehan
පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ ලක්කි මාර්වාට් දිස්ත්‍රික්කයේ ඊයේ (02) සිදුවූ අනතුරකදී, කෙතක වළලනු ලැබූ බෝම්බයක් සෙල්ලම් බඩුවක් යැයි සිතා අතට ගත් ළමුන් පිරිසකට එය පුපුරා යාමෙන් ළමුන් පස් දෙනෙකු මිය ගොස් ඇත.
මෙම සිද්ධියෙන් තවත් ළමුන් 12 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය ආයතන වාර්තා කර ඇත. තුවාල ලැබූ දරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරුන්ගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.