2026 අයවැය මෙහෙමද බෙදෙන්නේ ජනපති අනුරගෙන් හෙළිදරව්වක්

Report

2026 වසර සඳහා අයවැය සකස් කිරීමේ ක්‍රියාවලියට අනුකුලව, එළඹෙන අගෝස්තු 05 වැනි අඟහරුවාදා සිට අයවැය සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉතිහාසයේ නොදුටු ලෙස ගාසාහි දරුවන් සාගතයෙන් මිය යයි

ඉතිහාසයේ නොදුටු ලෙස ගාසාහි දරුවන් සාගතයෙන් මිය යයි

මෙම සාකච්ඡා සැප්තැම්බර් 04 වනදා දක්වා පැවැත්වීමට නියමිත වන අතර, සැප්තැම්බර් 08 වනදා කැබිනට් අනුමැතිය සඳහා වියදම් ඇස්තමේන්තු සහිත විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

අඩු වුණාම රත්තරන් ගන්නද බලන් ඉන්නේ ? මෙන්න එහෙනම් අද රන් මිල

එම පසුබිමෙන්, කෙටුම්පත සැප්තැම්බර් 20 දින ගැසට් කිරීම අපේක්ෂිතය. 2026 අයවැය සංවර්ධන දැක්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජූලි 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එකතු වී එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ 2026 අයවැය තුළ ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම, සහ ග්‍රාමීය ප්‍රජාවන් ආර්ථික ක්‍රියාකාරකම් වෙත සක්‍රීයව එක් කිරීම යන අංගවලට විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

උද්ධමනයේ බලපෑමෙන් ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණ වී ඇති වර්තමාන ආර්ථික තත්ත්වය මූලික කරගෙන, මෙරට ප්‍රධාන ආර්ථික අංශ සක්‍රීය කිරීම සඳහා සහ ජනතාවට එම සැලසුම්වල ප්‍රතිලාභ ලැබීම සඳහා ආකෘතිමත් ක්‍රමවේද සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

2025 ඔක්තෝබර් 03 වන දින විසර්ජන පනත් කෙටුම්පතේ පළමු කියවීම පවත්වන අතර, 2025 නොවැම්බර් මාසයේදී වාර්ෂික අයවැය කතාව පැවැත්වීමට නියමිතය.