ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

Report

තම ගුරුවරියක වන බිරිඳ සමඟ සිදුකළ ලිංගික ක්‍රියාවලීන් රහසින් වීඩියෝගත කර, ඒ දර්ශන වට්ස්ඇප් ඔස්සේ ඇයගේ ශිෂ්‍යයෙකුට යැවූ බවට චෝදනා ලැබූ සැමියෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා පොලීසියට නියෝග කර තිබේ.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

මෙම නියෝගය නිකුත් කළේ මරදාන ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත පසුගිය 31 වනදා අධිකරණයේදී සිදුකළ විභාගයකින් අනතුරුවය.

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, සැකකරු අසභ්‍ය දර්ශන නැරඹීමට දැඩි ඇබ්බැහිවීමකින් පෙළෙන අයකු වන අතර, ඔහු තම බිරිඳට හොරෙන් ඔවුන්ගේ පුද්ගලික ක්‍රියාකාරකම් වීඩියෝ කර තිබුණා.

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

පසුගිය දිනවල දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් අවසානයේ, බිරිඳව ලැජ්ජාට පත් කිරීමේ අරමුණින් ඒ දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකුට යවා තිබෙන බව මුලික විමර්ශනවලදී හෙළිවී ඇත.

ඊට අමතරව, සැකකරු “විශාදය” ලෙස හැඳින්වෙන මානසික තත්ත්වයකින් ද පෙළෙන අයෙකු බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

ඉදිරිපත් වූ තොරතුරු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කළේය.