ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන
වසර කිහිපයකට පෙර එක් දේශපාලන පක්ෂයක සිදුවූ ගැටුමකින් අනතුරුව එම පක්ෂයේ ලේකම් ධූරය දැරූ පුද්ගලයෙකු පැහැරගෙන යාමට සම්බන්ධව චෝදනා එල්ල වී ඇති ප්‍රකට දේශපාලනික හිමිනමක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකු සහ හිටපු පොලිස්පතිවරයෙකුද වන අතර, මෙය ගැඹුරු මට්ටමේ සැලසුමක්වීමේ හැටියට ආරක්ෂක අංශ සොයාගෙන ඇත.
පැහැරගෙන ගිය බවට කියන පුද්ගලයා, එවකට රජයේ ඉහළම මට්ටමේ පදවිවල කටයුතු කළ ජනාධිපතිවරයෙකු මුණගැසී ආපසු යමින් සිටියදී මෙම සිදුවීම සිදුවූ බව සඳහන් කරමින් පැමිණිලි කළ බවද වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳව සිදුකළ දිගුකාලීන විමර්ශනයකින් අනතුරුව, අදාළ හිමිනම ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු එළඹෙන දිනවලදී අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලබා දී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
