ආයේ සිසුන් විභාග අසමත් වෙන්නෑ අලුත්ම ක්‍රමේ මේකයි - අගමැතිනි හරිනි

Ministry of Education Harini Amarasuriya Education Latest Headlines Sinhala news
By Ashfa Aug 03, 2025 12:49 PM GMT
Ashfa

Ashfa

Report

අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යෝජිත නව ප්‍රතිසංස්කරණය මගින් කිසිදු දරුවෙකු අසමත් වීමට ඉඩ නොලැබෙන අතර, ශාස්ත්‍රීය හා වෘත්තීය දෙඅංශයන්ගෙන් එක්කෙරුණු උසස් අධ්‍යාපන අවස්ථා සියළුම දරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතා පවසා සිටියාය.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුවක් අමතමිනි. 

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

"සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු කරනවා. තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා.

පාසල් දරුවන්ට ආහාර විෂ වීමක් - ප්‍රතිකාර සදහා දිස්ත්‍රික් මහ රෝහලට

පාසල් දරුවන්ට ආහාර විෂ වීමක් - ප්‍රතිකාර සදහා දිස්ත්‍රික් මහ රෝහලට

ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට, ඒ සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ.

ඉතිහාසය සෛෟන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා. වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්‍රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි."

විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් පියවරෙන් පියවර ඉදිරියට සිදු කරන්නට නියමිත ප්‍රතිසංස්කරණයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් පෙන්වා දුන්නාය.

ReeCha