කපුගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් එළියට [VIDEO]
මාතර, ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගන්දර පොලීසියට අනුව, නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි පහරකින් තුවාල ලබා ඇත්තේ 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු බහුදින ධීවර යාත්‍රා සහ බස් රථ හිමිකරුවෙකි.
මෙම ව්‍යාපාරිකයා අද උදෑසන 6.30ට පමණ සිය නිවස ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී වෙඩි තබා ඇති අතර, තුවාල ලබා මේ වන විට ඔහු රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා, පසුගිය මාර්තු මාසයේදී දෙවුන්දර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මියගිය තරුණයන් දෙදෙනකුගේ සමීපතම මිතුරාගේ පියා බවයි.
එම මිතුරා යැයි කියන ඔහුගේ පුත්‍රයා මේ වන විට විදේශගතව සිටින බව පොලීසිය සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හුංගම පොලිසියේ විශේෂ කණ්ඩායම් තුනක් අංශ තුනක් ඔස්සේ විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. චුට්ලර් සඳහන් කළේ. මේ අතර මෙම වෙඩි තැබීම සිදුකළ ආකාරය අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
වීඩියෝ දර්ශන - දසත
