පලාත් සභා මැතිවරණ පවත්වන්නැද්ද? අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Report

පළාත් සභා මැතිවරණය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව මේ වනවිට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කිහිප වතාවක් සාකච්ඡා මට්ටමින් විමසීම් සිදු කර ඇති බව වාර්තා වේ.

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

මෙම සාකච්ඡා වලදී, මැතිවරණ සීමා සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කරමින් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. එම අමාත්‍යංශයෙහි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, “පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වාගන්න බැහැ.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

නව මැතිවරණ ක්‍රමයකි තවමත් සකස් කරලා නැහැ. ඒ නිසා දැන් මෙහිදී ගැටළුවක් ඇතිවෙලා තියෙන්නේ අපි දැන් කරන්නේ මොකක්ද කියන සංවාදයක්” යනුවෙනි.

ඔහු පවසන ආකාරයට,

“සීමා නිර්ණය සම්බන්ධයෙන් අපි කතා කළා. උපදේශක කාරක සභාවෙත් අපි මේ ගැන සාකච්ඡා කළා. ඒ පිළිබඳ ඇති තත්ත්වයන් නිරීක්ෂණය කරගෙන යනවා. අපි අවසන් නිගමනයකට ඇවිත් නෑ. අලුතින් සීමා නිර්ණන කටයුතු සිදු කරන්නේ ද යන්න නිශ්චිත අදහසක නෑ. සාකච්ඡා අනුව තමයි එය තීරණය වෙන්නේ. නමුත් මීට අදාළ තත්ත්වයන් පිළිබඳ කතාබහක් මේ දවස්වල යනවා.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ජනතාවට අපි දෙන්න ඕනා. පළාත් සභා මැතිවරණය නැතිවෙලා දැන් අවුරුදු හත, අටක් ගතවෙලා තිබෙනවා. අපේ අදහස තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් විය යුතුයි කියන එක. ඒ නිසා ඒකට අදාළ වැඩ ටික කෙරෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න වැඩ ටිකක් තිබෙනවානේ. ඒ සඳහා මූලික සැකැස්ම හදා ගැනීම කෙරෙනවා.” “මොකද දැන් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට කරන්නත් බෑ. අලුත් ක්‍රමයක් හදලාත් නෑ. එතකොට ඒ පවත්වන ක්‍රමයට අදාළව වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීමයි කරන්නේ, මැතිවරණය පවත්වන්න නොවෙයි. දැන් මොකද කරන්නේ කියන සංවාදයක් තමයි දැන් පැවැත්වෙන්නේ.”