පාසල් දරුවන්ට ආහාර විෂ වීමක් - ප්‍රතිකාර සදහා දිස්ත්‍රික් මහ රෝහලට
ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන් බරපතළ පීඩාවකට ලක්වූ සිසුන් කිහිප දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොළොන්නරුවෙන් අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළියට පැමිණි සිසුන් සමූහයකට මෙම ආසාදනයට ලක්වී ඇති අතර, ඔවුන්ට වමනය, බඩේ වේදනාව, කරකැවිල්ල සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්වූ බව වාර්තා වේ.
2025 අගෝස්තු 02 වන දින සිසුන් පිරිස රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු පිරිස ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති බවද තවමත් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වේ.