මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්
දුම්රිය මගීන්ට හිරිහැර වන ලෙස කිසිදු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත්තේ දුම්රියක් තුළ වෙළෙඳාම් කිරීමට නම් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසර ගත යුතු බවයි.
මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේ දුම්රිය මගීන්ට හිරිහැර වන ලෙස වෙළෙඳාමෙහි නිරත වීමේ චෝදනා මත සැකකරුවන් 11 දෙනකුට විරුද්ධව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පවරා තිබූ නඩු 11ක් කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව එසේ චෝදනා ලැබ සිටි සැකකරුවන් 07 දෙනකුට රුපියල් 2000 බැගින් රුපියල් 14,000 ක දඩ මුදල් නියම කළ අතර මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන් 04 දෙනකුට වරෙන්තු ද නිකුත් කර ඇත.