රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

Report

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, මෙම නීති උල්ලංඝනය කරන වාහන හිමියන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම පරීක්ෂා කිරීම් රට පුරා තීව්‍ර කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ය.

මෙම මෙහෙයුම් හරහා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී වාහන සංශෝධන අවම කිරීම, සහ මහජන ආරක්ෂාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදි පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

ඊට අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීති විරෝධී සවිකිරීම් පිලිබදව ද පරීක්ෂා කිරීමට නියමිතය.

ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.   

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

මේ ලග්න හිමියන් අද කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් අද කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න - අද ලග්න පලාපල