හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමනය ඇණ හිටියි
By Mithu
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ගිනිගත්හේන ප්‍රදේශයට අද (23) ඇද හැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් වෝල්ට් 33,000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු විනාඩි කිහිපයකට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
අනතුර පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේදී ගිනිගත්හේනේ සිට කරවනැල්ල දක්වා දිවෙන විදුලි රැහැන් පද්ධතියේ කම්බි ප්‍රධාන මාර්ගය හරහා කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
අදාළ විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු, පොල්පිටිය පොලිසියේ නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කඩාවැටුණු කම්බි කපා ඉවත් කිරීමට කටයුතු කළ බව සඳහන් ඉන් අනතුරුව, හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු යළි සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත.