ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)
අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයනයන්ට බදු පැනවීමත් සමඟ මිල ගණන්වල විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය යටතේ, චීන වෙළෙන්දෝ ටික්ටොක් වේදිකාව භාවිතා කරමින් තම භාණ්ඩ අඩු මිලට අමෙරිකානුවන්ට කෙලින්ම අලෙවි කිරීම ආරම්භ කර ඇත.
අමෙරිකාවේ බදු සමඟ ඉහළ මිලකට අලෙවි වන හෑන්ඩ්බෑග් වැනි සුඛෝපභෝගී චීන වෙළඳ නාමයන්ගේ භාණ්ඩ, තමන් කෙලින්ම ලබාදෙන බවත්, චීන නිෂ්පාදකයන්ගෙන් නිරවද්‍ය ලෙස මිලදී ගැනීමෙන් සිල්ලර මිල ගණන් සහ අමතර ගාස්තු මඟහරවා භාණ්ඩවල මිල කිහිප ගුණයකින් අඩු කළ හැකි බවත් චීන වෙළෙන්දෝ ටික්ටොක් හි වීඩියෝ පළ කරමින් ප්‍රකාශ කරති.
උදාහරණයක් ලෙස, එක් වීඩියෝවකදී, Lululemon leggings, Louis Vuitton handbags and Birkin bags වැනි ඉහළ පෙළේ භාණ්ඩ ඒවායේ සිල්ලර මිලෙන් බෙහෙවින් අඩුවට අලෙවි කරන බවට ප්‍රකාශ කරන වීඩියෝවල ගණන ඉහළ යමින් තිබේ.
එක් වීඩියෝවකදී, භාණ්ඩයක් අතැතිව කතා කරන වෙළෙන්දෙක්, Lululemon yoga pants නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර ඉදිරියේ සිට, එම yoga pantsඅමෙරිකාවේ ඩොලර් 100කට අලෙවි වන බවත්, තමන් එය ඩොලර් 5-6කට ලබාදෙන බවත් පවසයි.
මෙම වීඩියෝව ටික්ටොක් හි මිලියන 10කට අධික නැරඹුම් ලබා ඇත. මේ ආකාරයේ වීඩියෝ රැසක් ටික්ටොක් වේදිකාව ආක්‍රමණය කරමින් තිබේ.
තවත් වීඩියෝවකදී, Birkin වෙළඳ නාමයේ handbag එකක් අමෙරිකාවේ ඩොලර් 38,000කට (රු. ලක්ෂ 32කට පමණ) අලෙවි වන බවත්, එම භාණ්ඩයම ඩොලර් 1,400කට (රු. ලක්ෂයකට පමණ) ලබාදෙන බවත් වෙළෙන්දෙක් ප්‍රචාරය කරයි.
The real cost of #Birkin bag and what you are really paying for.🤦♂️ pic.twitter.com/WQTHFL2jKD
— Humanbydesign (@Humanbydesign3) April 13, 2025
