ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්
By Mithu
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පසුගියදා 30%ක තීරු බද්ධක් පනවනු ලැබීය.ඒ අනුව දෙරට අතර වෙළද ගණුදෙනුවල විශාල වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරයි.
වෙළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව සාකච්ජා කිරීම මෙහි මූලික අරමුණ විය හැකි ය.
එවැනි පසුබිමක ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු යෝජනා වී තිබේ. අර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මෙහිදී ඇමරිකාව සමඟ ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමකට එළඹීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවය.