තීරු බදු නිසා ඇමරිකාවේ හොඳ හිත ගන්න බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගනී?

Donald Trump Economy of Sri Lanka Sinhala news Tariff
By Mithu Jul 12, 2025 10:42 AM GMT
Mithu

Mithu

Report

පසුගිය අප්‍රේල් මාසයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් අරමුණු කරගෙන තීරු බදු පැනවීම සිදු කළේය. ඉන් පසු මාස තුනක සහන කාලයක් රටවල් වලට ලබා දීමට ඔහු තීරණය කළ අතර මුලින්ම ශ්‍රී ලංකාවට 44ක බදු ප්‍රතිශතයක් නියම කළ අතර පසුගියදා නිල වශයෙන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එම බදු ප්‍රතිශතය අඩු කොට එය 30% දක්වා පහත දැමීමට තීරණය කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 30% අන්‍යෝන්‍ය තීරුබදු සහනය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර දැනට පවත්නා වෙ⁣ළෙඳ පරතරය අඩුකර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඇමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට තීන්දු කර ඇත. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවයෙන් කොටසක්, මෙරට පෞද්ගලික අංශයට අදාළ සමාගමකට බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් සහ සෝයා නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙහිදී මුලින්ම මිලදී ගැනීමට යෝජනා කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

මීට අමතරව දෙරට අතර ආනයන අපනයනවලදී දැනට බලපවත්වන වැට් බදු ඉවත් කර එයින් සහනයක් ලබාදීමටත් යෝජනා කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීම නිසා එම සහනය ප්‍රදානය කරන ලෙසද එරටින් ඉල්ලීමක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

O/L නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම 14 සිට

O/L නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම 14 සිට

ReeCha