හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

Report

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (15) වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී අහස වලාකුළින් බරව පවතිනු ඇති බව සඳහන්.

එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

සෙසු ප්‍රදේශවලටත් වැසි මේ අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලද හෙට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකරන්න: චෙම්මනි කැණීම් ගැන එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකරන්න: චෙම්මනි කැණීම් ගැන එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැටලීම් 1,000ක් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක්

විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැටලීම් 1,000ක් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක්