පුංචි මල් කැකුළක් දිය වලකට වැටී අවසන් ගමන් යයි
By Kaushi
අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර ඊයේ (20) දින උදෑසන කාලයේදී සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 02 ක් වූ කුඩා දරුවෙක් බව සඳහන්.
මෙම මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මේ සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.