කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට තද සුළං සමඟ මුළු දිවයිනටම බලපාන අද කාලගුණය

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ප්‍රදේශ හැරුණු කොට දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් විටින් විට හමන තද සුළං තත්ත්වයක් ඇති විය හැක.

ඊට අමතරව හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ද මෙම තත්ත්වය බලපාන අතර, එහිදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් (40-50 km/h) දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සබරගමුව දකුණ සහ මධ්‍යම පළාතේ අයට සුබ වෙද්දි කොළඹ තත්ත්වය අවදානමේ - දැනුම්දීමක්

සබරගමුව දකුණ සහ මධ්‍යම පළාතේ අයට සුබ වෙද්දි කොළඹ තත්ත්වය අවදානමේ - දැනුම්දීමක්