අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප - මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන්න තීන්දුව මෙන්න!
මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත නිදහස් කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.
ඒ අනුව උන්වහන්සේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියම කර ඇත.
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.