ඔබ අවදානයෙන් .... නැතිනම් අනතුරක්... (AUDIO)

Department of Meteorology TN Weather Weather
By Zara Mar 25, 2025 12:30 AM GMT
Zara

Zara

Report

අද (25) දින බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.  

ReeCha