අද කාලගුණ නිවේදනය - මුහුදු ප්‍රදේශ වල ඉන්න අයට අවදානමක්

Department of Meteorology TN Weather Weather
By Zara Mar 19, 2025 12:30 AM GMT
Zara

Zara

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

එසේම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එසේම මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හම්බන්තොට සිට ගාල්ල, කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං ගිනිකොණ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනු ඇත.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය සිට මද වශයෙන් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා. 

මගේ බඩ කපල අයින් කරන්නද? ඒක දෙයියෝ දීපු එක.. - චාමරගේ බඩ ගැන කෝප් කමිටුවේ ප්‍රශ්නයක්! -VIDEO

මගේ බඩ කපල අයින් කරන්නද? ඒක දෙයියෝ දීපු එක.. - චාමරගේ බඩ ගැන කෝප් කමිටුවේ ප්‍රශ්නයක්! -VIDEO

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

  

ReeCha