පකිස්තානයේ පාසල් වසා දමන බවට නිවේදනයක්, මිය ගිය සංඛ්‍යාව 800ට වැඩියි
පකිස්තානයට බලපෑ ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 800 ඉක්මවා ඇත.
ඒ අනුව ඉකුත් ජුනි මාසයේ සිය පකිස්තානයට බලපා ඇති මෝසම් වැසි නිසා මෙම ජලගැලීම් හා ආපදා තත්ත්වය ඇතිව තිබෙනවා.
මේ තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්ක්වා පළාතට බව වාර්තා වේ.
පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව ජලගැලිම් හා ආපදා නිසා එම පළාතේ පමණක් පුද්ගලයින් 400 කට අධික පිරිසක් මිය ගොස් ඇත.
එමෙන්ම මාර්ග ඇතුළු යටිතල පහසුකම් ද දැඩි වශයෙන් හානියට පත්ව තිබෙනවා.
මේ අතර පිරිසිදු පානීය ජලය නොමැති වීම හා ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හමුවේ ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද මෙම ආපදා තත්වය හමුවේ නිවාස 7000 කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව ඇති අතර පන්ජාබ් ප්‍රාන්ත පරිපාලනය ප්‍රධාන ගංගාවලින් ගලා එන ගංවතුර ජීවිතවලට හා දේපළවලට තර්ජනයක් වූ පසු දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දමන බව ද නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම අධික වර්ෂාව නිසා කලාපය පුරා ජල මට්ටම් ඉහළ යමින් පවතින හෙයින් ළමුන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමට මෙසේ තීරණය කර ඇති බව වාර්තා වේ.