මොන වගේ තිරිසන් වැඩක්ද? ගැබ්බර මුව දෙනකට වෙඩි තියලා මරලා

Report

අද (28) අලුයම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අත්අඩංගුවට ගෙන ඇත්තේ රණෝරාව, නොච්චියාගම, අනුරාධපුර ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31,40 හා 52 යන වියැති පුද්ගලයන් වන අතර ඔවුන් වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය හා ඔවුන් පැමිණි යතුරුපැදි 2ක්ද වනජීවි නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙය සිදුකර ඇති අතර නියඟයත් සමග ජලය සොයා රාත්‍රී කාලවලදී වනෝද්‍යානයට තුළ සැරිසරන වන සතුන් මරා මස් පිණිස අලෙවිකිරීමේ ජාවාරමක් මෙමගින් අනාවරණය වී ඇත.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

විල්පත්තුව ජාතික වනෝද්‍යාන භාරකරු ආර්. ඒ. ඩී. ඩී. සමරනායක මහතාගේ උපදෙස් මත කුකුල්කටුව අඩවි සහකාර කේ. පී. උදය කරුණානායක, වනසත්ව නියාමකයින් වන පී. යු.සඳරුවන්, ඩබ්ලියු. එස්. යු. කුමාර, ක්ෂේත්‍ර සහායක ධනුෂ්ක උදයංග, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සේ. ඒ. දිසානායක, පී. එස්. දිසානායක, එච්. එම්. ඩී. අයි. හේරත්, බහුකාර්ය නියාමක කේ. ඒ.ඒ. ගුණසේකර, ආර්. පී. ඩී. ජේ. සෙනෙවිරත්න යන නිලධාරින් එක්ව මෙම වැටලීම කර ඇත.