හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

Report

නව ආනයන රෙගුලාසි හේතුවෙන් දින 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රේගුවේ වාහන 400 ක් පමණ සිරවී ඇති බව මෙරට වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ, නිශ්චිත නිෂ්පාදන දිනය සඳහන් කිරීම රජය විසින් නියම කර ඇති නමුත් එය අභියෝගාත්මක බවයි.

ශ්‍රී ලාංකිකයින්ගේ ජපන් වාහන හීනයට තටු ලැබෙයි

ශ්‍රී ලාංකිකයින්ගේ ජපන් වාහන හීනයට තටු ලැබෙයි

ඒ අනුව ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තීරණය නැවත සලකා බලන ලෙස අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවයි.

වාහන නිදහස් කිරීම ප්‍රමාදය ගැනුම්කරුවන් අධෛර්යමත් කළ හැකි බව එම සංගමය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මට හිනා යනවා...මේ කතාවලට...

මට හිනා යනවා...මේ කතාවලට...

ඔහු තවදුරටත් කියා සිටියේ ප්‍රමාද ගාස්තු හේතුවෙන් වාහන මිල රුපියල් 40,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ යා හැකි බවයි.