ආයේ රජයේ රෝහලට ගියාට වැඩක් නැති වෙයිද? විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධාරණයක්

Report

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 25කට ආසන්න වුවද, සමස්ත රට පුරාම රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකක (ICU) ඇඳන් ඇත්තේ 1000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

මෙම ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම, පුද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයක දිනක වියදම රුපියල් ලක්ෂයකට වඩා වැඩි වන අතර, සමහර අවස්ථාවලදී එය රුපියල් ලක්ෂ දෙක ඉක්මවයි. මෙවන් තත්ත්වයක් තුළ දැඩිසත්කාර සත්කාර අපේක්ෂා කරන රෝගීන්ට බොහෝ විට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

දැනට පවතින සෞඛ්‍ය පද්ධතියේ මෙම අඩුපාඩු නිසා බොහෝ රෝගීන් ශල්‍යකර්ම පවා ප්‍රමාද කරමින් දැඩිසත්කාර ඇඳක් හිස් වන තෙක් බලා සිටීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

මේ තත්ත්වය ළමා රෝගීන්, හදිසි අනතුරු, පිළිකා, සහ වෙනත් බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට ද දැඩි ලෙස බලපායි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් කියා සිටින්නේ, අනාගතයේදී ඇතිවිය හැකි රෝග සඳහා සූදානම් වීම සඳහා, ගොඩනැගිලි පමණක් නොව, අවශ්‍ය උපකරණ සහ පුහුණු කාර්ය මණ්ඩලයක් සමඟ දැඩිසත්කාර ඒකක පුළුල් කිරීමට රජය නව සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු බවයි.