මීට පස්සේ විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට කළින් සෙල්ලම් දාන්න වෙන් නෑ, ශිෂ්‍ය වීසාවලට ඉන්න පුළුවන් කාල සීමාව මෙච්චරයි

Report

අමෙරිකාවේ වෙසෙන විදේශික ශිෂ්‍යයින් සහ මාධ්‍යවේදීන්ට එහි සිටිය හැකි කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත.

මෙම යෝජිත වෙනස මගින් අමෙරිකාවේ සංක්‍රමණිකයන්ට තවදුරටත් නීතිය දැඩි කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඒ අනුව විදේශිකයන්ට ශිෂ්‍ය වීසා යටතේ වසර 4කට වඩා අමෙරිකාවේ රැඳී සිටීමේ හැකියාවක් නැත.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

තවද විදේශීය මාධ්‍යවේදීන්ට දින 240ක් පමණක් සිටිය හැකි අතර තවදුරටත් අමෙරිකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් දින 240ක් අතිරේකව ඉල්ලා සිටීමේ හැකියාව ලැබෙන බව වාර්තා වේ.

එහෙත් චීන මාධ්‍යවේදීන්ට ඉල්ලා සිටිය හැකි කාලසීමාව දින 90ක අතිරේකයක් පමණයි.

මෙතෙක් අමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවලදී වීසා නිකුත් කළේ අදාළ අධ්‍යාපනික වැඩසටහන් කාලයට සමගාමීවයි.

එමෙන්ම මාධ්‍යවේදීන් වෙනුවෙන් වීසා නිකුත් කිරීම ඔවුන්ගේ රැකියා අවශ්‍යතාවට අනුව නිකුත් කර ඇත. එසේ වුවද වසර 10කට වඩා වැඩි කාලයක් සංක්‍රමණික නොවන වීසා වලංගු වූයේ නැත.

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

මේ සම්බන්ධයෙන් ස්වදේශික ආරක්ෂක දෙපාර්ත‍මේන්තුව චෝදනා කර ඇත්තේ නිශ්චිතව කිව නොහැකි තරම් විදේශිකයන් සංඛ්‍යාවක් දින නියමයක් නැතිව තම අධ්‍යාපන කටයුතු සඳහා වීසා දීර්ඝ කරගන්නා බවත් ඔවුන් ‘හැමදාම ශිෂ්‍යයන්’ වශයෙන් අමෙරිකාවේ වාසය කරමින් සිටින බවත් ය.

ඒ අනුව 2023-2024 අධ්‍යයන වර්ෂයට අමෙරිකාව විදේශීය සිසුන් මිලියන 1.1කට වීසා නිකුත් කර තිබෙනවා.

එසේම අන් කිසිදු රටක් නොලබන ආදායමක් අමෙරිකාව විදේශීය සිසුන්ගෙන් ලබන බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙම නවතම පියවර සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංක්‍රමණික කටයුතු පිළිබඳ සන්ධානයේ සභාපති මිරියාම් ෆෙල්ඩ්බ්ලම් ‘මෙය ලොව පුරා සිටින දක්ෂ පුද්ගලයන්ට ඔවුන්ගේ දායකත්වය අමෙරිකාවට තවදුරටත් වටිනාකමක් නොමැති බවට වන පණිවුඩයක්’ බව ප්‍රකාශ කරයි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය